Wednesday 1st of April 2026

English Tamil
Advertiesment


බාල ගල් අඟුරු නිසා උඩ දුවපු බල ශක්ති අර්බුධයට විසඳුම් හොයන්න විපක්ෂ නායක පෙරට එයි


2026-03-23 1340

 

රටේ බලශක්ති ප්‍රවීණයන්ගෙන් ජාතික බලශක්ති වැඩපිළිවෙලක් සඳහා උපදෙස් ඉල්ලයි 

 

මුළු රටම බල ශක්ති අනාරක්ෂිත තාවයක ඇද දමන්න ඉඩ දෙනු බැහැ 

 

- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි -

 

අප රටට වැදගත් වන රටට යෝග්‍ය, උචිත ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ වැඩසටහන අද දින ආරම්භ කළ බවත් මේ ප්‍රතිපත්තිය සම්පාදනය කරන්නේ අප රට බලශක්ති ක්ෂේත්‍රයෙන් සෝචනීය ඛේදනීය තත්ත්වයකට මුහුණ දෙමින් සිටින නිසා බවත් ඇත්ත පෙනි පෙනී තිබියදී ඒවා ප්‍රතික්ෂේප කරමින් සත්‍ය දත්ත බැහැර කරමින් අද වන විට වත්මන් රජය බලශක්ති සුරක්ෂිතභාවය නොව බලශක්ති අනාරක්ෂිතභාවයක් නිර්මාණය කරමින් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ වැඩසටහනේ ආරම්භය හා එක්වෙමිනි.

බාල ගල් අගුරු භාවිතය නිසා නොරොච්චෝල බලාගාරය උත්පාදනය කළ යුතු මෙගාවොට් ප්‍රමාණය උත්පාදනය නොකරමින් බලශක්ති ක්ෂේත්‍රයේ බරපතල අවදානම් තත්ත්වයක් නිර්මාණය කර ඇති බවත් මේ නිසා විදුලි කප්පාදුවක් සිදුවේ යැයි අනතුරු අගවමින් රජය දැනුවත් කළත් රජය ඒවා ප්‍රතික්ෂේප කළ බවත් මාර්තු 12 වැනිදා මෙගාවොට් 51ක්, 13 වැනිදා මෙගාවොට් 130ක්, 14 වැනිදා මෙගාවොට් 135ක්, 15 වැනිදා මෙගාවොට් 132ක්, 16 වැනිදා මෙගාවොට් 148, 17 වැනිදා මෙගාවොට් 165ක් සහ 18 වැනිදා මෙගාවොට් 176ක්, 19 වැනිදා මෙගාවොට් 165ක් අඩුවෙන් විදුලිය නිෂ්පාදනය කර ඇති බවත් ඊයේ දිනයේද මෙගාවොට් 179ක් අඩුවෙන් විදුලිය නිෂ්පාදනය කර ඇති බවත් මේ තුළින් බලශක්ති අනාරක්ෂිතභාවය නිර්මාණය වීමත් පාරිසරික හානි සෞඛ්‍ය හානි මෙන්ම විදුලි කප්පාදුවක් පවා සිදුවිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ බාල ගල් අගුරු නිසා අලු කඳු තවදුරටත් නිර්මාණය වීමේ තත්ත්වයක් ඇති මොහොතක ප්‍රගතිශීලී විපක්ෂය ලෙස සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය විසින් රට වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු ජාතික විදුලි බල බලශක්ති ප්‍රතිපත්තිය නිර්මාණය කර රටට හා ජනතාවට ඉදිරිපත් කරන බවත් එක් එක් තනි පාර්ශ්වකරුවන්ගේ ඔ්නෑ එපාකම්වලට හෝ ඩොලර් කුට්ටුවලට මේවා යටවී නොමැති බවත් මේ බලශක්ති ප්‍රතිපත්තියට ධනබලය, දේශපාලන බලය, මුදල් බලය තිබුණත් කාටවත් මේ සඳහා බලපෑම් කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේම මෙහි අරමුණ වන්නේ අඛණ්ඩ විදුලි ලබා ගැනීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව අඩුවියදමින් අඩු පිරිවැයින් හා ගුණාත්මකභාවයෙන් ක්‍රියාත්මක කිරීම බවත් මේ තුළින් පරිසර හානිය අවම කරන ජන ජීවිත සුරක්ෂිත කරන බලශක්ති ප්‍රතිපත්තියක් නිර්මාණය කරන බවත් මීට පෙර සිටි විරුද්ධ පක්ෂ ක්‍රියා කළේ බලය නොමැති අවස්ථාවේ පුනර් ජනනීය බලශක්තිය ගැන කතා කර බලය ලැබූ පසු පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන ඩොලර් නිසා ඉන්ධන බලාගාර හිමියන්ගේ වහලුන් ලෙස කටයුතු කිරීම බවත් ඔවුන් එසේ කටයුතු කළත් සමගි ජන බලවේගය කවදාවත් එවැනි දේට යට නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද නොරොච්චෝල බලාගාර‌යේ තත්‍යකාලීන දත්ත රජයට පිළිගත නොහැක්කේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් මේ නිසා සිදු වන්නේ අප රටේ ජාතික සම්පත්වලට විශාල විනාශයක් සිදු කිරීම බවත් මේ බාල ගල් අගුරු ගෙන්වීම අන්ත දූෂිත හා වංචාකාරී ක්‍රියාවක් බවත් මේ ක්‍රියාවට සම්බන්ධ ඇමතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පවා ගෙන ආ නිසා දැන්වත් මෙ වැරදි ක්‍රියාවෙන් ඉවත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

Advertiesment